Pages

Sunday, August 14, 2011

4 : කොළොම් තොටට සෞන්දර්ය කැන්දන ගාලු මුවදොර



කොළඹ කොටුව



















කොළොම් තොට පසුකර මූදු ඉම දිගේ ගාලුමුවදොර දක්‌වා එන ගමනේදී කොළඹ කොටුව පසුකර යන්නට අපට සිදු වේ. මේ කොළඹ කොටුවත් කොළඹ වරායත් අතර ඇත්තේ සවිමත් බැඳීමකි. එහෙත් කොළඹ කොටුවට කොළඹ වරායට තරම් පැරණිවූ ඉතිහාසයක්‌ නැත. 1506 පමණ දක්‌වා කොළොම් තෛdට ගී්‍රක-ඊජිප්තු අරාබි වෙළෙඳුන් වෙළෙ¹මේ යෙදුණු තරමක්‌ දියුණු නැව් තොටකි. එහෙත් එකල ස්‌වභාවික මුහුදු බොක්‌කක්‌ වූQ මෙහි මුහුදට නෙරාගිය තුඩුවෙහි (පසුව පෘතුගීසීන් මෙය හැඳින් වූයේ ලෝරන්ස්‌ තුඩුව ලෙසිනි.) නාවික හා වෙළෙඳ කටයුතු සිදුකෙරී ඇත. පෘතුගීසීන් මෙහි පැමිණෙන විට වත්මන් කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරය පිහිටි ප්‍රදේශයේ අරාබි ජාතික වෙළෙන්දන්ගේ තාවකාලික නැවතුම් පළක්‌ තිබූ බව කියනු ලැබේ. (කොළොම්තොට පුරාණය) 1506 දී මෙම අරාබි වෙළෙඳුන් පළවා හරින සටන්කාමී පෘතුගීසීන් මෙම තුඩුවෙහි කඳවුරු බැඳ, ආරක්‍ෂාව පිණිස බලකොටුවක්‌ තනා ගනී. එය කොළඹ කොටුවයි. ආරම්භයේ පටන් මෙම භූමි ප්‍රදේශය ස්‌වභාවික දිය අගලකින් වෙන්වූ වෙනම අර්ධද්වීපයක්‌ (දූපතක්‌ වැනි) වශයෙන් තිබී ඇත.


1510 පමණ වන විට පෘතුගීසි බලකොටුව තනා නිමවී ඇත. කොළඹ නගරය විධිමත් ලෙස ගොඩනැඟෙන්නේ මෙම කොටුව තුළය. 1658 දී ලන්දේසි ආක්‍රමණයෙන් පසු තවදුරටත් කොළඹ කොටුවේ නගර සංවර්ධනය (අදටත් කොටුවේ දක්‌නට ඇත්තේ එවන් ගොඩනැඟිලිය.) සිදුවේ. එසේම ලන්දේසීන් බේරේ වැව පුළුල් කර දිය අගල් භාවිතයෙන් කොළඹ කොටුවේ සීමා මායිම් පුළුල් කර සිංහල හමුදාවට එරෙහිව කොටුවේ බලය ශක්‌තිමත් කරයි. කොළඹ වරායේ සිට පැමිණ කොටුව දුම්රිය ස්‌ථානයට යාබදව ගොස්‌ බේරේ වැවට එකතුවන ඇළ පාර මගින්ද, එහි සිට වත්මන් රීගල් සිනමා හල අසලින් ගමන් කර ගාලුමුවදොර පිටිය අසළින් මහ සයුර සිපගන්නා (බේරේ බේසම) ඇළ මාර්ගය මගින්ද එතැන් සිට කොළඹ කොටුවේ සීමාව මායිම් වේ. අද සුවිසල් කොළඹ නගරය එදා මෙසේ දිය අගල් හා පසෙකින් මහ මුහුදෙන් වටවූ හතරැස්‌ සැතපුමකට සීමා වූ කුඩා එහෙත් ආරක්‍ෂිත නගරයක්‌ විය. 1796 දී බ්‍රිතාන්‍යයන් කොළඹ කොටුවට ප්‍රහාරයක්‌ එල්ල කර, බලකොටුව අල්ලාගෙන 1815 දී මුළු දිවයිනම ඔවුන්ගේ පාලනයට නතුකර ගත්තේ මෙම කොළඹ කොටුව කේන්ද්‍ර කරගනිමිනි. සිංහලයේ අවසන් රජු ශ්‍රී වික්‍රම රාජසිංහයන් ජීවග්‍රහයෙන් අල්ලාගෙන කොළඹ කොටුව තුළට ගෙනා ඉංගී්‍රසීහු ගෝව දක්‌වා හෙතෙම නැව් නඟින තුරු විශේෂ කුටියක රඳවා තැබූහ. එම කුටියද කොළොම් තොට පසුකර දකුණු දෙසට යන විට තවමත් අපට හමුවේ. අනෙක රජ ගෙයයි. නොහොත් ආණ්‌ඩුකාර නිවසයි. සුවිසල් මාළිගයක්‌ බඳු මෙම මැඳුර අද ජනාධිපති මන්දිරයයි.

පසුව කොළොම් තොට සංවර්ධනයත් සමග කොළඹ කොටුවේ තත්ත්වයද දියුණු විය. විශේෂයෙන්ම නාවික ගමනා ගමනය සඳහා අංගෝපාංග ඉදිවිය. කොළඹ කොටුවේ ඇති ප්‍රථම ප්‍රදීපාගාරයද ඇතුළත්ව ප්‍රදීපාගාර හතරක්‌ කොටුව ආශ්‍රිතව ඇත. දර්ශනීය ශෛලමය නිමාවකින් යුතු නිරිතදිග ප්‍රදීපාගාරය අදටත් මේ මූදු ඉමේ තේජාන්විතව නැඟී සිටින්නේ අතීත තොරතුරු රැසක්‌ සඟවා තබා ගනිමිනි. මේ අද්දරම ආණ්‌ඩුකාරවරයාගේ නාන තඩාගය (ඨදඩැරබැරි ඊaරඑය) යි. සිමෙන්තියෙන් බැමි බැඳ, ගල්පර්වත අතර සාගර ජලයෙන් නැහැවෙන සොඳුරු තැනෙක මෙය ඉදිකර ඇත.

ඉන්පසු අප එළැඹෙන්නේ කොළඹ කොටුවේ අවසන් ඉම දෙසටය. පෘතුගීසි යුගයේ සිට ඉංගී්‍රසි යුගය අවසන දක්‌වා යෝධ කාලතුවක්‌කුවලින් කොටුව ආරක්‍ෂා කළ මෙවන් නටබුන් අදටත් මෙහි දක්‌නට තිබේ. ඉන් පසු අපගේ රට වට ගවේෂණ චාරිකාව එළැඹෙන්නේ "හෝ ගාන පොකුණ" වෙතය. නැතහොත් ගාලු මුවදොර වෙතය. මෙතැන් සිට ඉංගී්‍රසි යුගයේදී ඉදිවූ (පැරණි) පාර්ලිමේන්තුව (වත්මන් ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැඟිල්ල), සුවිසල් තරු පහේ හෝටල්, පිට්‌ටු බම්බුව නොහොත් කලක්‌ ලංකාවේ උසම ගොඩනැඟිල්ල ලෙස නම් දැරූ බැංකු ගොඩනැඟිල්ල, ලංකාවේ වත්මන් උසම ගොඩනැඟිලි සංකීර්ණය ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානය යනාදී කොළඹ කොටුවේ නූතන දියුණුව අපේ ඇස ගැටේ.

ගාලු මුවදොර

ගාලුමුවදොර, කොළඹ නගරයේ සොඳුරු හා ප්‍රකටම ස්‌ථානයයි. නිදහසේ සහ විවේකයේ ඉඩකඩයි. කොළොම්තොටට සුවදායක සුළං රැළි රැගෙන එන වා කපොල්ලයි. සංවර්ධනයෙන් නොකිළිටිව වසර සිය ගණනාවක ඉතිහාසයක්‌ සඟවාගත් නොඉඳුල් බිම්කඩයි.

ගාලුමුවදොර පිටිය පිහිටා ඇත්තේ රටේ පළමු හා දෙවැනි පුරවැසියන් දෙපළ වන ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට හිමිව තිබෙන නිල නිවාස දෙකට මැදිවය. ඒ ජනාධිපති මන්දිරය (එකල ආණ්‌ඩුකාර නිවාසය නොහොත් රජගෙදර) හා අරලියගහ මන්දිරය යන දෙකටය. මෙහි වත්මන් භූමි ප්‍රමාණය අක්‌කර 12.5 කි.

පෘතුගීසී, ලන්දේසී හා ඉංග්‍රීසී පාලන මුල් අවදිය දක්‌වා මෙම සමස්‌ත ප්‍රදේශය කොස්‌, අඹ, පොල්, පුවක්‌, ආදී ගස්‌වලින් පිරුණු නිවාස කිහිපයකින් සමන්විතව තිබූ පෙදෙසක්‌ බව ඓතිහාසික වාර්තාවලින් කියෑවේ. වත්මන් ගාලුමුවදොර පිටියේ සිට කොටුව දුම්රිය පළ ප්‍රදේශය දක්‌වා ඉඩම්වල හිමිකාරිත්වය එකල වැලිතර මහ කප්පින වලව්වේ රාජපක්‍ෂ මුදලිවරුන්ට අයත්ව තිබු බව කියනු ලැබේ. ගාලු මුවදොර පිsටියේ මුල්ම උරුමකරුවන් වුයේද ඔවුන් බව පිළිගැනීමයි. කුරුඳු වගා හිමිකරුවන් වූ ඔවුන්ට අයත් මෙම ගාලුමුවදොර පෙදෙස එකල "මාපනේ" ලෙස හඳුන්වා ඇත. ජෝර්ඡ්ද අල්මේදා නම් ප්‍රතිකාල් සෙනෙවියා විසින් තනවන ලද සාන්ත ජෙරෝම් බලකොටුව" ගාලුමුවදොර පසෙක වූ බැව්ද සඳහන් ය.

"ගෝල්ෙµස්‌" යන නාමය මෙයට ලැබීම පිළිබඳව මත කිහිපයක්‌ ඇත. මෙම නාමයට මුල් වුයේ ඉංග්‍රීසීන් නොව ලන්දේසීන්ගේ හැඳින්වීමක්‌ බවද කියයි. ලන්දේසීන් විසින් මෙරට පිහිට වූ බලකොටු අතරින් බලවත්ම හා සංග්‍රාමික වශයෙන් වැදගත්ම බලකොටුව ලෙස සැලකෙන්නේ ගාලු කොටුවය. කොළඹ කොටුවට මුහුණලා ගාලු කොටුව පිහිටා තිබූ බැවින් ලන්දේසී හැඳින්වීම, අනුව "ගෝල් පාස්‌" පසුව "ගෝල් ෙµaස්‌" වු බව කියනු ලැබේ. ගාලු පාරේ ආරම්භය මෙතැන නිසාද එම නම භාවිත වූ බව තවත් මතයකි.

ඉංග්‍රීසි ආණ්‌ඩුව යටතේ ගාලුමුවදොර පිටිය විවිධ අවශ්‍යතාවන් සඳහා යොදා ගෙන තිබේ. කොටුව ආරක්‍ෂා කළ යුද භටයින්ගේ කායික ව්‍යායාම් සිදු කළ පිටිය ලෙස මුලදී මෙය භාවිතයට ගෙන ඇත. එසේම මෙහි පසෙක මරණ දඬුවම ඇතුලු වරදකරුවන්ට දඬුවම් දෙන ස්‌ථානයක්‌ වශයෙන්ද භාවිත කර තිබේ. මෙහි එල්ලුම් ගසක්‌ තිබූ බවද කියනු ලැබේ. එමෙන්ම, අද තරු පහේ හෝටල් කිහිපයකින් කෙළවර වන ගාලු මුවදොර පිටියේ එම පෙදෙස එදා පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ජාතිකයින්ගේ සොහොන් පිටියකි. 1815 අප්‍රේල් 13 දා මෙහිදී වරදකරුවකු වූ ඉංග්‍රීසී යුද සෙබළකු වු ඩැනිෂ් ඩේල්" නමැත්තා මෙහිදී වෙඩි තබා මරා දමන්නට ඉංග්‍රීසි ආණ්‌ඩුව ක්‍රියා කර ඇති බවද දැක්‌වේ. ඒ මෙය එකල වදක බිමක්‌ සේද ප්‍රයෝජනයට ගත් නිසාය.

1827 සිට 1837 දක්‌වා ලංකාවේ ගතකළ ඉංග්‍රීසි ජාතික යුද නිලධාරීවරයකු වු Jදයබ Desජය්පච තම Sජැබැරහ aබා Reපසබස Sජැබජැs දෙ ජැහකදබ ග්‍රන්ථයේ ගාලුමුවදොර පිටිය ගැන චිත්‍ර සටහන් සහිතව සඳහන් කරයි. එකල මෙහි සිට ශ්‍රී පාද කන්ද පවා දැක ගත හැකි වීලු. කොටුවට ඇතුළු විය හැකි මුර කපොලු තුනෙන් එකක්‌ තිබුණේ ගාලුමුවදොරය. ආරක්‍ෂක භටයින්ගේ ව්‍යායාම් කටයුතු සඳහාත් නගර වාසීන්ගේ විවේකය පිණිසත් සක්‌මන් මළුවක්‌ ලෙසත් මෙය භාවිතයට ගත්තේය. 1829 සිට ශ්‍රීමත් එඩ්වඩ් බාන්ස්‌ ආණ්‌ඩුකාරවරයා තුරඟ තරග සඳහා ගාලු මුවදොර පිටිය යොදා ගත්තේය. ඒ වන විටත් පිටියේ වම්පස කෙළවර සුදු ජාතිකයින්ගේ සොහොන් පිටියයි.

1856 දී ආණ්‌ඩුකාර ශ්‍රීමත් හෙන්රි වෝඩ් විසින් ගාලු මුව දොර පිටිය කොළඹ වෙසෙන ළමුන්, කාන්තාවන් ඇතුළු ජනයාගේ විවේකය පිණිස වෙන් කර ඵලකයක මේ බව ලියා ප්‍රකාශයට පත් කර ඇත.

හෙන්රි වෝඩ් ආණ්‌ඩුකාරවරයාගේ තීරණය නිසා ජනතාවගේ විවේකය වෙනුවෙන් වෙන් වුණු ගාලුමුවදොර පිටිය අදත් කොළඹට විවේකය, නිදහස, සුවදායි වාතාශ්‍රය මෙන්ම සෞන්දර්යය කැඳවා ගෙන එයි. ගාලුමුවදොරට අප හැමෝම ඇලුම් කරන්නේ එනිසාය. මෙහි සිට කොළඹ නැව් තොටත්, නාවික ගමන් මාර්ගයේ ඇදෙන නාවික යාත්‍රා මෙන්ම ඈත මුහුදේ නැංගුරම්ලා ඇති විශාල (තෙල්) නැව්ද දැකගත හැකිය. ඒ සියල්ලටත් වඩා හැන්දෑ අහසේ හිරු මුදේ ගිලී නොපෙනී යන දසුන සියල්ලටම වඩා චමත්කාර ජනක සිත්තමක්‌ මවයි.


ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ
වාසල සේනාරත්න

අද අපි ගාලුමුවදොර පිටියේ
ලබන සතියේ කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, දෙහිවල පසුකර ගල්කිස්‌සේදී හමුවෙමු.

0 comments:

Post a Comment