කාරතිව්/ කල්මුණේ
ඔළුවිල් නගරය පහුකරල නැගෙනහිර වෙරළ තීරය දිගේ ඉදිරියට ඇදෙන අපිට ඊළඟට මුණගැහෙන්නෙ නින්දවුර් නගරය. නින්දවුර් වේලිමග (කළපුව හරහා මාර්ගය) පසුකරමින් ඊළඟට අපිට කාරතිව් මංසන්ධියට ළඟාවිය හැකියි. අම්පාර - කල්මුණේ මාර්ගය සම්බන්ධ වෙන්නේ මේ කාරතිව් හන්දියට. සමන්තුරේ ඔස්‌සේ තමයි අම්පාර - කල්මුණේ මාර්ගය වැටී තියෙන්නේ. සායින්දුමර්දු පසුකර එනවිට ඉන්පසු අපිට අම්පාර - මඩකලපුව මායිමට එන කල්මුණේ නගරය මුණගැසෙනවා. මෙම ප්‍රදේශවල බහුතර ජනගහනය ඉස්‌ලාම් භක්‌තිකයන්. ඒ වගේම එක් පසෙකින් විශාල කෙත්වතු ප්‍රමාණයක් මෙහි දැකගත හැකියි. රටේ ජාතික සහල් නිෂ්පාදනයට මහත් දායකත්වයක් සපයන මෙම ප්‍රදේශයේ වෙරළ තීරය ධීවර කර්මාන්තයෙන්ද ඉදිරියෙන් සිටින ප්‍රදේශ ලෙස අප සිහිපත් කළ යුතුයි.
කොඩ්ඩිකල්ලාර් / කලවංචිකුඩි
කල්ලාර් සහ කොඩ්ඩිකල්ලාර් ප්‍රදේශ අපට හමුවන්නෙ කල්මුණේ නගරය පසු කළායින් පස්‌සෙ. මේ ප්‍රදේශවල සුනාමි ගම්මාන රැසක් පිහිටා තිබෙන්නෙ පහුගිය 2004 වසරේ සුනාමි ෙ€දවාචකයේදී මෙම ප්‍රදේශයට සිදුවූ දරුණු ව්‍යසනය සිහිපත් කරමින්. නැගෙනහිර මුහුදුබඩ ප්‍රදේශයේ පිහිටි මෙම කල්ලාර් ප්‍රදේශය දක්‌වා මඩකලපුවට සම්බන්ධ කළපු හා තෙත්බිම් පැතිර පවතිනවා. ලවණ වගුරු විශාල ප්‍රමාණයක්‌ද දැකගත හැකියි. කල්ලාර් කොඩ්ඩිකල්ලාර් වේලිමග හරහා තිබුණු පාලමත් ඉකුත් සුනාමියේදී විනාශයට පත්වුණා. ඉන්පසු ආයිමත් විදෙස් ආධාර යටතේ ඉදිවුණු මෙම පාළම මත සිට ඒ සුනාමි ෙ€දවාචකය නැවත සිහිපත් කරන්නත් අපි අමතක කළේ නෑ.
ඉන්පසු තවදුරටත් ඉදිරියට ඇදෙන විට අපට කලවංචිකුඩි නගරය හමුවෙනවා. ඒ කියන්නෙ අපි දැන් අම්පාර දිස්‌ත්‍රික්‌කයට සමුදී මඩකලපුව දිස්‌ත්‍රික්‌කයට ඇතුළුවෙලා. කලවංචිකුඩියත් පසුකරමින් ඉදිරියට ඇදෙනවිට තමයි සුප්‍රකට පදිරිප්පු ප්‍රදේශයත්, පදිරිප්පු පාළමත් අපට මුණගැසෙන්නෙ. මෙම මඟ ලකුණුත් පහුකරගෙන අපි මීළඟට ළඟාවෙන්නෙ ඉස්‌ලාම් භක්‌තිකයන්ගෙ නොහොත් මුස්‌ලිම්වරුන්ගේ ප්‍රධානතම නගරය ලෙස සැලකෙන කාතන්කුඩි නගරයට. මේ එන ගමනේදී කාතන්කුඩි නගරය ආසන්නයේදීම වගේ හමුවන පැරැණි හින්දු කෝවිලත දැක බලාගන්න අපි අමතක කළේ නෑ.
කාතන්කුඩි
කාතන්කුඩි කියන්නෙ නැගෙනහිර පළාතෙ තියෙන දියුණු නගරයක්. අධික ජනගහනයක් වෙසෙන මෙහි 80% 85% ක් පමණම මුස්‌ලිම්වරු කිව්වොත් නිවැරැදියි. ඉතිරියෙන් බහුතරය දමිළ ජාතිකයන්.
මහින්ද චින්තන - මඟ නැඟුම ව්‍යාපෘතිය යටතේ කාතන්කුඩි ප්‍රදේශයේ පමණක් නොව නැගෙනහිර කලාපයේම ප්‍රධාන මාවත් දැන් කාපට් අතුරා නවීකරණය කර තිබෙනවා. කාතන්කුඩි නගරය තුළ මීට අමතරව ඉතා හොඳ නගර සැලසුමක් ක්‍රියාත්මක වෙමින් ප්‍රධාන මාර්ගය මැදින් ඉදිවූ රට ඉඳි ගස් තීරය නගරයට අලංකාරයක් එකතු කරනවා.
මස්‌ජිදුන් මීරා ජුම්මා පල්ලිය
කාතන්කුඩි නගරය විශාල ජනගහනයක් ජීවත්වන ප්‍රදේශයක් නිසා කාතන්කුඩි 1 සිට කාතන්කුඩි 6 දක්‌වා ප්‍රදේශ අංකනය කර තිබෙනවා. මස්‌ජිදුන් මීරා ජුම්මා පල්ලිය අපට හමුවන්නෙ කාතන්කුඩි -1 ප්‍රදේශයේදී
මේ ඉස්‌ලාම් පල්ලිය ගැන අපි විශේෂයෙන් කතාකරන්න හේතුවක් තියෙනවා. ඒ තමයි 1990 අගෝස්‌තු මස 03 වැනි සිකුරාදා රාත්‍රි 7.30 ට පමණ මෙහි යාඥ මෙහෙයට එල්ලවූ එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌ත ප්‍රහාරයේදී බැතිමතුන් 83 දෙනෙකු මියයැම. ඒ වගේම කාතන්කුඩි -1 කොටසේම පිහිටි හුසේනියා මස්‌ජිත් පල්ලියටත් එදිනම, ඒ වේලාවටම තවත් එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයක් එල්ල වුණා. එහිදී තවත් බැතිමතුන් 21 දෙනකු මියගියා. මේ අනුව මෙම ප්‍රහාරයේදී මියගිය පිරිස 103 ක්. තවත් 73 දෙනෙක් තුවාල ලැබූ බවත් අපට කිව්වෙ මීරා ජුම්මා පල්ලියේ පරිපාලක නිලධාරී මොහොමඩ් ජවුµර් මහතා මෙන්ම එදා ඒ ප්‍රහාරයේදී පල්ලියේ සට දිවි ගලවා ගත් එකල වයස අවුරුදු 12 ක් වූ මොහොමඩ් සන්තාර් මහතා.
කාතන්කුඩි නගරයට ආපු මොහොතේදී මේ තොරතුරු ගැනත් අපි කතා කළ යුතු නිසා මීරා ජුම්මා පල්ලියට ගොඩ වැදුණා. ඇත්තටම එදා ඒ එල්. ටී. ටී. ඊ. ප්‍රහාරයේදී වෙඩිවැදී, අත්බෝම්බ වැදී පල්ලියට සිදු වූ හානිය අදත් එහිදී දැකගත හැකියි.
සිදුවූ විනාශයේ තරම සිහිපත් කරනත් මියගිය බැතිමතුන් සිහිපත් වීම සඳහාත් බිත්තිවල ඇති මේ සලකුණු මකා නොදමන බවයි පල්ලියේ පාලකයන් අපට එහිදී සඳහන් කළේ.
මේ ප්‍රහාරයේදී මියගිය බැතිමතුන්ගේ සිරුරු මිහිදන්කළ ස්‌ථානයත් අපට දැකගත හැක්‌කේ පල්ලිය පිහිටි භූමිය තුළදීමයි. ඒ වගේම ඔවුන්ගේ නම් වාර්තාවත් විශාල පුවරුවක් ලෙස පල්ලිය ඉදිරිපස ප්‍රදර්ශනය කරනවා. 1912 දී නිර්මාණය කළ බව කියන මෙම මස්‌ජිදුන් මීරා ජුම්මා පල්ලිය 1984 දී වඩාත් විශාල ලෙස අද දකින අයුරින් නිර්මාණය කර තිබෙනවා.
මෙතෙයි පෙරිය ජුම්මා පල්ලිය
මොහිදීන් මෙතෙයි පෙරිය ජුම්මා පල්ලිය අපට හමුවන්නෙ කාතන්කුඩි 3 ප්‍රදේශයේදී. ප්‍රදේශයේ විශාලතම ඉස්‌ලාම් පල්ලියක් වන මෙය, අපි හොයාගෙන ගියෙත් විශේෂ හේතුවක් හින්ද. මේ පල්ලිය තමයි නැගෙනහිර පළාතෙ තියෙන ඉස්‌ලාම්වරුන්ගෙ එකම පූජාභූමිය. 1864 දී කුඩාවට ඉදිවුණා යෑයි කියන මෙම පල්ලිය 1979 දී වඩාත් විශාල ලෙස නිර්මාණය කළ බවත්, 2000 වසරේදී චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ සමයේදී පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කළ බවත් අපට කිව්වෙ පල්ලියේ පරිපාලන මණ්‌ඩල ප්‍රධානී මෙන්ම කාතන්කුඩි හිටපු නගරාධිපති මර්සුක් අහමඩ් ලෙබ්බේ මහතා.
කල්ලඩි / කල්ලඩි පාලම
කල්ලඩි පාලම මේ රටේ සුප්‍රකටම පාලමක්. ඉදිවෙලා තියෙන්නෙ ඉංග්‍රීසීන්ගේ පාලන යුගයේදී. ඒ කියන්නෙ එක්‌දහස් අටසිය ගණන්වලදී. අඩි සියයක් පමණ දිගකින් යුත් මේ පාලම යකඩ වලින් නිර්මිත වන අතර, විශිෂ්ට නිර්මාණයක් ලෙසයි සැලකෙන්නේ. එහෙත් මේ පාලම බොහෝ පටුයි. විශාල (බර) වාහන දෙකකට එකවර මාරුවිය නොහැකිකම නිසාත්, දැන් තරමක් අබලන්ව ඇති නිසාත් කලපුවට ඉහළින් දැන් අලුතෙන් පාලමක් ඉදිවෙනවා. තවත් ටික දවසකින් කල්ලඩි පාලම කියල අපට හඳුන්වන්නට වෙන්නෙ මේ අලුත් පාලමට.
කල්ලඩි පාලම ගැන කතාකරනකොට අපට නිතැතින්ම සිහිපත් වෙන තවත් දෙයක් තියෙනවා. ඒ තමයි "සිංදු කියන මාළුවෝ" ගීත වලින් පවා කියෑවෙන මේ සිsංදු කියන මාළුවන්ගේ කතාව ඉතා පැරැණි එකක්. මේ පිළිබඳව අපිට හරියට විමර්ශනයක් කරන්න බැරිවුණත් දැන්නම් කල්ලඩිවල සිංදු කියන මාළුවෝ දැකගන්න නැහැ. සත්ත්ව විද්‍යාඥයෝ නම් කියන්නෙ කිසියම් හඬක් නිකුත් කළ හැකි මසුන් රංචු මේ කළපුවේ දිවිගෙව්වා කියල. ජලය අතරින් නැඟෙන මේ වනි හඬ විටෙක සංගීතයක් වෙන්න ඇත. ඒ වගේම කාලෙකට මේ (මඩ) කලපුවට විශාල වශයෙන් ආඳන් රංචු පිහිනා එන බවටත් වාර්තා වුණා. ඔබට මතක ඇති. ඇතැම් අය කිව්වෙ මෙසේ ආවෙ මුහුදු සර්පයන් කියල. ඒත් ඒ ආඳන් විශේෂයක් බවට පසුව තහවුරු වුණා. කොහොම වුණත් කළපුව වටා ඇවිද යමින් එහි සෞන්දර්යය අත්විඳි අපට මෙහිදී ඇති තරම් "ජෙලිµsස්" මසුන් දැකගත හැකි වූ බවත් කිව යුතුයි.
කාතන්කුඩි නගරය පසුකර තවත් කිලෝමීටර් 6 ක් විතර ගියහම තමයි අපට කල්ලඩි ප්‍රදේශය හමුවන්නෙ. සුප්‍රකට කල්ලඩි පාලමත් පිහිටා තියෙන්නෙ මෙහිම තමයි. මඩකලපුවට උඩින් වැටී ඇති කල්ලඩි පාලමෙන් එගොඩ වුණු විගස අපට මුණගැහෙන්නෙ මඩකලපුව නගරය. ඒ තවත් කිලෝමීටර් භාගයකින් විතර. ඒ කියන්නෙ කල්ලඩි කියන්නෙත් මඩකලපුවම තමයි.
කල්ලඩි පාලම මේ රටේ සුප්‍රකටම පාලමක්. ඉදිවෙලා තියෙන්නෙ ඉංග්‍රීසීන්ගේ පාලන යුගයේදී. ඒ කියන්නෙ 1912-1920 දී. මීටර් 228ක දිගකින් යුත් මේ පාලම යකඩ වලින් නිර්මිත වන අතර, විශිෂ්ට නිර්මාණයක් ලෙසයි සැලකෙන්නේ. එහෙත් මේ පාලම බොහෝ පටුයි. විශාල (බර) වාහන දෙකකට එකවර මාරුවිය නොහැකිකම නිසාත්, දැන් තරමක් අබලන්ව ඇති නිසාත් කලපුවට ඉහළින් දැන් අලුතෙන් පාලමක් ඉදිවෙනවා. තවත් ටික දවසකින් කල්ලඩි පාලම කියල අපට හඳුන්වන්නට වෙන්නෙ මේ අලුත් පාලමට.
කල්ලඩි පාලම ගැන කතාකරනකොට අපට නිතැතින්ම සිහිපත් වෙන තවත් දෙයක් තියෙනවා. ඒ තමයි "සිංදු කියන මාළුවෝ" ගීත වලින් පවා කියෑවෙන මේ සිsංදු කියන මාළුවන්ගේ කතාව ඉතා පැරැණි එකක්. මේ පිළිබඳව අපිට හරියට විමර්ශනයක් කරන්න බැරිවුණත් දැන්නම් කල්ලඩිවල සිංදු කියන මාළුවෝ දැකගන්න නැහැ. සත්ත්ව විද්‍යාඥයෝ නම් කියන්නෙ කිසියම් හඬක් නිකුත් කළ හැකි මසුන් රංචු මේ කළපුවේ දිවිගෙව්වා කියල. ජලය අතරින් නැඟෙන මේ වනි හඬ විටෙක සංගීතයක් වෙන්න ඇත. ඒ වගේම කාලෙකට මේ (මඩ) කලපුවට විශාල වශයෙන් ආඳන් රංචු පිහිනා එන බවටත් වාර්තා වුණා. ඔබට මතක ඇති. ඇතැම් අය කිව්වෙ මෙසේ ආවෙ මුහුදු සර්පයන් කියල. ඒත් ඒ ආඳන් විශේෂයක් බවට පසුව තහවුරු වුණා. කොහොම වුණත් කළපුව වටා ඇවිද යමින් එහි සෞන්දර්යය අත්විඳි අපට මෙහිදී ඇති තරම් "ජෙලිµsස්" මසුන් දැකගත හැකි වූ බවත් කිව යුතුයි.
නාවල්අඩි
කල්ලඩි පාලමේ ආරම්භයක් සමඟ කාතන්කුඩි පැත්තෙන් එනවිට) දකුණට වැටී ඇති "ඩච්බාර්" පාරේ ගියවිට තමයි කල්ලඩි නොහොත් නාවල්අඩි සුන්දර වෙරළ තීරය අපට හමුවන්නෙ. මේ වෙරළ තීරයත් සුනාමි ව්‍යසනයේදී දරුණු විනාශයකට ලක්‌ව තිබෙනවා. ඒ බවට වන නටබුන් මෙහිදී තවමත් දැකගත හැකියි. කොහොම වුණත් දැන් මෙම ස්‌ථානය වෙරළ උද්‍යානයක් ලෙස අලංකාර ලෙස නවීකරණය කර තිබෙනවා. සංචාරකයන් සඳහා වන පහසුකම් මෙහි ගොඩනඟා ඇති අතර, වෙරළ තීරය දිගේ දිවෙන කස ගස් පෙළ නාවල්අඩි වෙරළ තීරයට අමුතුම සුන්දරත්වයක් ගෙන එනවා. සන්ධ්‍යාවට මෙන්ම, සති අන්තයේත් මෙම වෙරළ උද්‍යානයට අතිවිශාල ජනකායක් එකතු වෙනවා. යුද්ධයේ නිමාවත් සමඟ, දුවා, දරුවන් පවුල් පිටින් එක්‌රොක් වී සතුට විනෝදය සොයා එන ප්‍රදේශවාසීන්ට මෙ වෙරළ උද්‍යානය සැබෑම ප්‍රීති ප්‍රමෝදයක් ලබාදෙනවා. අද දවසේ ඒ සොඳුරු මිනිසුන් සමඟ එකතුවී ගත කරන්නයි අපිත් මේ වෙරළ උද්‍යානය අපේ කඳවුරු බිම ලෙස තෝරාගත්තේ.
අදහස් jagathkanahara@gmail.com
ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ
වාසල සේනාරත්න
http://www.divaina.com/2011/05/08/nimna05.html
0 comments:
Post a Comment