| ||||
|
|
skip to main |
skip to sidebar
Pages
රට වටා යන ගවේශණ චාරිකාව
Monday, August 15, 2011
19 : දකුණු ලක සයුර ඉම දෙවුන්දර තුඩුව
අපේ ගමන් මග
මෙම ළිපි පෙල ඉරිදා දිවයින සංග්රහයෙහි සති පතා පල වන්නකි.එහි වටිනාකම සලකා එම ලිපි පිලිවෙලින් පෙල ගැස්වීම පමණක් මෙහිදී සිදු කර ඇත.රට වටා සංචාරය කරන්නන් හට සහ ප්‍රදේශ ගැන උනන්දු වන්නන්ට මෙය ප්‍රයෝජනවත් වේ යැයි සිතමි.මෙම ලිපි වල සියලුම අයිතිය එම පුවත්පතට මෙම ලිපි සැපයූ එහි කතෘවරුන්ට හිමිය.....
ලිපි ගබඩාව
-
▼
2011
(62)
-
▼
August
(47)
- 1: එන්න, රට වටා යන්න...
- 2 : හේවාගම් කෝරළයේ කඳුළ කැලණි ගං මෝදර
- 3 : නැවියන්ගේ ප්‍රේම සිහිනය කොළොම් තොට
- 4 : කොළොම් තොටට සෞන්දර්ය කැන්දන ගාලු මුවදොර
- 5 : ලැවීනියාගේ සොඳුරු පෙම් පුරවරය ගල්කිස්ස
- 6 : සයුර සිඹින අසිරිමත් වැව බොල්ගොඩ
- 7 : පිං බිමේ සිසිල විඳි කළු ගං මෝදර
- 8 : මහ සයුරේ අස්වනු ගෙනෙන බේරුවල
- 9 : සිත් සන්තොසින් නැවතී යන්න බෙන්තොට
- 10 : ලොව සුපතල රැම්සාව.මාදු ගඟ
- 11 : රුක් කලාවේ කෞතුකාගාරය අම්බලන්ගොඩ
- 12 : දෙවොල් දෙව් විමන.සීනිගම
- 13 : ගල් මල් හිනැහෙන හික්කඩුව
- 14 : ඓතිහාසික ලෝක උරුමය ගාලු-තොට
- 15 : රුහුණු ඔසු උයන රූමස්සල
- 16 : ගැමි සුවඳ මුසු වුණු කොග්ගල
- 17 : ධීවර ගීතයේ රිද්මය වැලිගම
- 18 : බලන් සකි සඳ අසිරි මාතර
- 19 : දකුණු ලක සයුර ඉම දෙවුන්දර තුඩුව
- 20 : කැස්බෑවන්ගේ අභය බිම රැකව
- 21 : වළවේ ගං මෝදර ගොඩවාය
- 22 : සිහ නද පැතිරූ කිරින්ද (මාගම)
- 23 : වන සතුන්ගේ රජදහනවන යාල (පළටුපාන)
- 24 : කුඩා රාවණා කොටුව සහ මහා රාවණා කොටුව
- 25 : සොබාදහමේ අපූරු නිමැවුම මිනිහා-ගල්කන්ද (යාල)
- 26 : එන්න - යන්න මහ මුහුදේ... තල්මසුන් බලන්න
- 27 : දකුණ සහ නැගෙනහිර යාකරන කුඹුක්කන්ඔය මෝදර (කුමන)
- 28 : සංචාරක රජදහන ආරුගම් බොක්ක
- 29 : අරුණලු සිඹින සංගමන්කන්ද තුඩුව
- 30 : නැගෙනහිර අරුණැල්ල ඔලුවිල් (ඕලුවිල)
- 31 : අලියා බෝට්ටුවේ නැගී ගාලු තොටින් දියඹට...
- 32 : සිංදු කියන මාළු වෙසෙන කල්ලඩි (මඩකලපුව)
- 33 : M-4 දුම්රිය එන්ජිමේ ගිය නැගෙනහිර චාරිකාව
- 34 : නැගෙනහිර සුන්දරිය පාසිකුඩා - කල්කුඩා
- 35 : හිරු නැගෙන පුරයේ කන්‍යාවිය සල්ලතිව්(වාකරේ)
- 36 : උත්තම මුනි දළදා වැඩම වූ ලංකා පටුන (ඉලංකතුරෙයි)
- 37 : විජයග්‍රහණයේ පෙර මඟ සලකුණ ෆවුල් පොයින්ට් (සා...
- 38 : සුන්දරත්වයේ අග රැජින මාබල් බීච් (ත්‍රිකුණාමලය)
- 39 : ගලේ කොටුව බැඳි තිරිකුණාමලේ ගෝකණ්ණ තොට
- 40 : නාවික යාත්‍රාවක ගිය කොට්ටියාර් බොක්කේ සංචාරය
- 41 : දූපත් වනෝද්‍යානය පරෙවි දූපත (නිලාවැලි)
- 42 : බෙල් 212 හෙලිකොප්ටරයක සිට ත්‍රිකුණාමලයේ අසිරි...
- 42 : කේශධාතූන් වැඩ වසන ගිරිහඬුසෑය (තිරියාය)
- 43 : තපස්සු භල්ලුක වෙළඳ වරාය අසිරිමලේ ( හාල්කන්ද )
- 44 : උතුරු දිග වෙරළේ හෙළ ලකුණ කෝකිලායි
- 45 : විජයග්‍රහණයේ පෙර මග සලකුණ - නන්දිකඩාල් මුලතිව්
- 46 : සියොත් කැල රැව් දෙන චුණ්ඩිකුලම්
-
▼
August
(47)
වැඩිපුර කියවූ ලිපි
-
වාලච්ෙච්නට උතුරින් පිහිටි කජුවත්ත ප්‍රදේශයේ සිට ත්‍රිකුණාමලයට දකුණින් පිහිටි සාම්පූර් ...
-
උපුටා ගැනීම ඉරිදා දිවයින 2012-04-01 අකුරු කුඩාවට පෙනේ නම් මෙතනින් කියවන්න
-
කහඳමෝදර රැකවෙන් පස්සෙ, ඔරුවැල්ල මුහුදු තීරය පහුකරගෙන මීළඟට අපි ගියේ කහඳමෝදරට. තංගල්ලෙන් ඇරඹ...
-
කොළඹ කොටුවේ සිට මහවට දිනය උදාවුණා. අපි ලහිලහියේ කොළඹ කොටුවෙ දුම්...
ආ ගිය ගනන
Followers
Powered by Blogger.
Get this widget

මාතර ගැන කතා කරන විට මාතර බෝධිය ගැන කතා නොකර කොහොමද? මාතර බෝධියට වඩා බෝධිය රෝපිත භූමිය ගැන හරි අපූරු කතාවක් තියෙනවා. ඒ කතාව ක්‍රිස්‌තු වර්ෂ 515 දක්‌වා ඉතිහාසයක් තියෙන එකක්. මහා පඬි කුමාරදාස රඡ්ජුරුවන් ගැන වගේම මහාකවි කාලිදාසයන් ගැනත් ඔබ අහල තියෙනවා ඇති. අනුරාධපුර යුගයට අයත් රජවරයකු වූ කුමාරදාසයන්ගේ සීයා තමයි කලා වැවත් හදපු ධාතුසේන රජතුමා. ධාතුසේන රජුගේ පුත් මුගලන්ගේ පුතා තමයි එතකොට මේ කුමාරදාසයන්. කුමාරදාසයන් තම වැඩිදුර අධ්‍යාපනය ලබන්න භාරතයට පවා ගියාලු. ඒ නිසා තමයි මහා කවි කාලිදාසයන් කුමාරදාසයන්ගේ අඹ යාළුවකු බවට පත් වුණේ. ඉතින් කාලිදාසයන් ලංකාවටත් ආවා. එහෙත් හදිසියේ ඔහු මෙහෙදී මියගියා. තම මිතුරාගේ වියෝගය දරා ගන්න බැරි තරමේ වේදනාවක් වූ නිසා තම බිසවුන් සමග කුමාරදාසයන් කාලිදාසගේ සෑයට පැන දිවි නසා ගත්තාලු. ඒ සෑය ඉදිවූ තැන වශයෙන් සලකන්නේ මේ මාතර බෝධිය රෝපිත භූමියලු.
අද අපි මාතර තාරකා කොටුව ගැනත් කතා කරනවා. ලන්දේසි මහ කොටුව ගැන පහුගිය ඉරිදා කතා කළානේ. මේ තාරකා කොටුවත් හැදුවේ ලන්දේසීන්ම තමයි. නිල්වලා ගඟේ බටහිර ඉවුරේ ඊට මීටර් 200 ක් උතුරින් පිහිටා තිබෙන මේ සුවිශේෂ ගෘහ නිර්මාණ ශිල්පීය තාරකා කොටුව නිර්මාණය කළ බව කියන්නේ මාතර කොටුවට ගොඩ බිමෙන් එල්ලවන සතුරු ප්‍රහාරවලට මුහුණ දීම සඳහා.
ලන්දේසීන්ගේ මාතර වෙළෙඳ මධ්‍යස්‌ථානය අපට හමුවන්නෙ නූපේ හන්දියේදී. එකල මාතරට ගෙන ආ විදේශීය බඩු භාණ්‌ඩත්, ලංකාවෙන් පිටරටට ගිය බඩු භාණ්‌ඩත් එකතු වූ මධ්‍යස්‌ථානය තමයි මේ ස්‌ථානය. ඉංග්‍රීසි "ඹ" අකුරක හැඩයට ගොඩනැඟිලි තුනකින් සමන්විත මෙය මාතරදී අදත් දැකබලා ගත හැකියි.
අද ප්‍රකටම හා උසස්‌ම පාසලක් වන මාතර රාහුල විද්‍යාලය කලෙකට ඉහතදී ප්‍රකට වළව්වක්. ඒ සරම් මුදලි නොහොත් සේරම් මුදලි වළව්වයි. ගංගා රෝහණ වර්ණනාව වැනි ප්‍රකට කවි පොත් ලියූ සරම් මුදලිවරයා, මාතර යුගයේ දිවිගෙවූ කවියෙකු ලෙසයි ප්‍රකටව සිටියේ.
අපි පසුගිය සතියෙ කිව්ව ගජමන් නෝනා කාව්‍යකරණය කළේත් ජෝන් ඩොයිලි සිංහල ඉගෙන ගැනීමටත් සම්බන්ධ වේරගම්පිට පන්සලේ සේයාරුවක් තමයි මෙහි දැක්‌වෙන්නේ. ප්‍රකට පැවිදි පඬිරුවනක් වූ කරතොට ප්‍රඥ්Æසීහ නාහිමියන් වැඩවාසය කළේත් මේ පන්සලේ තමයි.
වට වන්දනාවේ යන අයට අමතක නොවනම තැනක් තමයි වෙහෙරහේන. ඉතින් අපිත් මාතර ගමනේදී වෙහෙරහේන පූර්වාරාම විහාරස්‌ථානයටත් ගොඩවැදුණා. අසූ අට රියන් පිළිම වහන්සේත්, මහල් විහාරස්‌ථානයත්, පොළෝ ගැබ තුළ නිර්මාණය කර ඇති බිතු සිතුවම්, පිළිම සහිත විශ්මිත විහාරයක් බෞද්ධයින්ට වගේම සංචාරකයන්ටත් කිසිදා අමතක නොවන තැනක්. විහාරයේ නිර්මාතෘ පරවාහැර රේවත නාහිමිත් මේ අවස්‌ථාවේ අපි නමස්‌කාර පූර්වකව සිහිපත් කළ කළ යුතුයි.
අපේ රටේ හතර කොන මනින මග ලකුණු අතර, දෙවුන්දර ප්‍රදීපාගාරයට හිමිවන්නේ ප්‍රධාන තැනක්. මේ ප්‍රදීපාගාරය තමයි ලංකාවේ උසම ප්‍රදීපාගාරය. 1878 දී තනා ඇති මෙහි උස අඩි 160 ක්. යුරෝපීයන් මෙය හඳුන්වා තිබෙන්නේ "ඩොන්ඩ්‍රා ලයිට් හවුස්" නමින් ඒ "දෙවුන්දර" කියන හින්දම වෙන්න ඇති. කොහොමවුනත් ගල්වලින් නිර්මිත මෙය, විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පයකින් සමන්විතයි. ඒ අසලම තමයි ලංකාවේ දකුණු කෙළවර සලකුණු කරපු "මායිම් ගලත් තියෙන්නේ.
දෙවිනුවර රජ මහා විහාරය පිහිටල තියෙන්නේ දේවාලයට යාබදවයි. විසල් හිටි පිළිම වහන්සේ සමඟ ගාලු හම්බන්තොට මාර්ගයට දිස්‌වන මේ විහාරයන් පණ්‌ඩිත පරාක්‍රමබාහු සමයේදී විශාල දියුණුවකට ලක්‌ව තිබෙනවා. රට වෙනුවෙන් නැගී සිටි භික්‍ෂූන් වැඩසිටි තවත් එක් පිංබිමක් තමයි මෙම දෙවිනුවර විහාර බිම.
මාතර නගරයේ ඉකුත් සතියේ ගත කළ අපි වෙරළ උද්‍යානය දිගේ ඇවිත් ළඟා වුණේ "බ්‍රවුන්ස් හිල්" ප්‍රදේශයට. එතැනින් කිලෝ මීටර් තුනක් විතර ගියාම තමයි දෙවිනුවර හමුවන්නේ.
රාවණයන් මිය ගිය තැන ඊට මීටර් ගණනක් එපිටින් පිහිටියේලු. ඔව්, ඔය කියන තැනත් අපි හොයාගෙන ගියා. ඒ තමයි තරමක් නුදුරෙන් තියෙන ගල්ගේ කියන තැන. තනිකරම ගලෙන් නිමවා ඇති මෙය අපට සිහිකරන්නේ නාලන්දා ගෙඩිගේ. පොළොන්නරුසම්ප්‍රදායට තනා ඇති මෙතැනත් දේවාලයක් වගේ දිස්‌වුනත්, පාලු හුදකලාවේ පවතින්නේ පුරාවිද්‍යා රැකවරණය යටතේ. කැලණියේදී රාවණයන්ගේ සොයුරු විභීෂණ දෙවිඳුන් වැඳ පටන්ගත් අපගේ ගවේෂණ චාරිකාව අද දෙවුන්දරට ළඟා වෙද්දි ඊටම සම්බන්ධ කතාවකින් මේ මග සලකුණු පසුකරන්න ලැබීම එක් අතකින් ඉතිහාසය ගවේෂණයක් වගේ.

0 comments:
Post a Comment