අද අපි කඳවුරු බඳින්නෙ රුහුණු රටේ අභිමානවත් පුරවරයෙ, කිරින්ද නොහොත් මාගම. ඉපැරැණි මාගම්පුර රාජධානිsය පිහිටා තිබුණා යෑයි කියන්නෙ මෙහි. දස භාතිsක රජ පෙළපත මගින් පවත්වාගෙන ආ මාගම්පුර රාජධානිය රුහුණු රාජාධානිය බවට මහත් අභිමානවත්ව ගොඩනැගුවා යෑයි කියන්නෙ දේවානම් පියතිස්‌ස රජුගේ සොහොයුරා වූ මහානාග රජතුමා. රාජ්‍යත්වය සඳහා ඇතිවුණු ගැටුමක් මුල්කරගෙන ක්‍රි.පූ. 246 දී මහානාග දකුණට පළා එනවා. ඒ ඇවිත් තමයි මාගම රජවුණා යෑයි කියන්නෙ. ඒ විතරක් නෙමේ පිය පුතු රාජ්‍යත්වය පිළිබිඹු කරමින් පිළිවෙළින් යඨාලතිsස්‌ස, ගෝඨාභය, කාවන්තිsස්‌ස සහ දුටුගැමුණු රුහුණේ නොහොත් මාගම රජවෙනවා. ගැමුණු කුමාරයා රට එක්‌සේසත් කිරීමේ සටන පටන් ගත්තෙත් මෙතනින්ම තමයි. ඒ විතරක් නෙමේ. කැලණිතිස්‌ස රජ දවස රට මුහුදු බත්වීමෙන් ගලවගන්න කැලණියෙන් දියඹට පාකර යෑවූ වීර කාන්තාව විහාර මහා දේවිය ගොඩ බසින්නෙත් මේ මාගම නොහොත් කිරින්දෙන්ම තමයි. ඉතින්, කැලණි ගං තොටින් රට වටා යන්න පටන් ගත්ත අපිටත් කිරින්ද වැදගත් නවාතැන් පලක් බවට පත්වීම සතුටක්.
ගොඩවාය/ගෝඨ පබ්බතවෙහෙර
පසුගිය සතියෙ අපගේ නවාතැන වුණේ පුරාණ ගොඩපවත වරාය පිහිටි තැන. නොහොත් ගොඩවාය. එහි පැවැති පැරැණි විහාරස්‌ථානය තමයි ගෝඨපබ්බත විහාරය. මෙම විහාරය යඨාල තිස්‌ස රජුගේ පුත් ගෝඨාභය (මහානාග රජුගේ මුණුපුරා) කරවූ බවටයි විශ්වාස කරන්නේ. වසර දෙදහසකට වඩා පැරණි මේ වරායේ සියලු බදු ආදායම් දීල තියෙන්නෙ ඒ ආශ්‍රිත කඳුගැටය මත තියෙන ගෝඨපබ්බත විහාරයට. ඒ ගැන ලියෑවුණු සෙල්ලිපිය තවමත් විහාරයේ තියෙනවා. ඊට පසුව පළමුවන ගජබා රජතුමා 12000 ක සේනාවක් සමඟ ගොඩපවත වරායට ආ බවත්, මේ වරායේ බද්ද විහාරයට ලබාදෙන්න ඔහු කටයුතු කළ බවත්, කියෑවෙන සෙල්ලිපිය ඔහු පිහිටුවා තිබෙනවා. ඒ ක්‍රි. ව. 112 -134 දී.
මේ ස්‌ථානයේ කැණීම් සිදු කළ පුරාවිද්‍යාඥයෝ වසර 7000 ක් විතර පැරණි මානව ඇටසැකිල්ලක් සොයාගෙන තිබෙනවා. ඒ වගේම වසර දෙදහසකට වඩා පැරණි රුවල් යාත්‍රාවක් ගිලී තිබී හඳුනා ගෙන තියෙනවා. ගල් නැංගුරමකුත් සොයාගත් බවයි කියන්නෙ.
හම්බන්තොට වරාය
හම්බන්තොට යන නම නිර්මාණය වී ඇත්තේ සම්-පන් -තොට යන අරුතෙන් බවයි විශ්වාස කරන්නෙ.
අතීතයේදී මෙහි පැවැති නැව්තොටට සම්වලින් සැදී සම්පන් නොහොත් හම්බන්නම් විශේෂ රුවල් යාත්‍රා වර්ගයක් පැමිණි බව විශ්වාස කරනවා. මේ සම්පන් නමැති යාත්‍රාවලින් පැමිණි වෙළෙඳුන්ගෙන් මෙහි කුඩා ජනපදයක් නිර්මාණය වුණාලු. සම්පන්තොට හෙවත් හම්බන්තොට නිර්මාණය වුණේ එහෙම කියලයි කියන්නේ.
වරාය
අද හම්බන්තොට වරාය මීට වසර 2 කට පමණ පෙර ප්‍රකට කරගම් ලේවායයි. ස්‌වභාවික ලේවායක් වූ මෙය කලක් අභය භූමියක් ලෙසද ප්‍රකාශයට පත්වුණා. කෙසේ හෝ වත්මන් රජයේ සංවර්ධන ක්‍රියාදාමයක් ලෙස මෙහි දැන් ජාත්‍යන්තර වරායක් ඉදිව තිබෙනවා. මාතර - තංගල්ල ප්‍රධාන මුහුදුබඩ මාර්ගය කපා සැදූ මුහුදු විවරයක් තුළිනුයි දැන් හම්බන්තොට වරායට නාවික යාත්‍රා පැමිණෙන්නේ. එක් අතකින් මෙය ශ්‍රී ලංකාවේ භූ - සිතියම වෙනස්‌කළ ක්‍රියාදාමයක් ලෙසයි සැලකෙන්නේ.
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය
හම්බන්තොට - සූරියවැව ඉදිවූ ක්‍රිකට් ක්‍රීඩාංගනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට විවෘත කරනු ලැබුවේ දැන් පැවැත්වෙන ලෝක කුසලාන තරග වෙනුවෙන්. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නමින් ඉදිවූ මෙහි ප්‍රථම ක්‍රිකට් තරගය පසුගිය 20 වැනිදා පැවැති අතර කැනඩාව හා ශ්‍රී ලංකාව අතර පැවැති තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්වුණා.
ධීවර වරාය / කොටුව
හම්බන්තොට ධීවර වරායත් පැරැණි ලන්දේසි කොටුවත් යාබදවයි පිහිටා තිබෙන්නේ. මෙම ධීවර වරාය සුනාමියෙන් දරුණු විනාශයකට ලක්‌වුණා. නමුත් දැන් එය නැවතත් අප රටේ ප්‍රධාන ධීවර වරායක් බවට පත්වෙලා. මෙම වරාය පිහිටල තියෙන්නෙත් හම්බන්තොට නගරය තුළමයි.
කොටුව / කුළුණු කන්ද
ධීවර වරාය, බස් නැවතුම්පළ අසලට පැරැණි ලන්දේසි කොටුව නොහොත් කුළුණු කන්ද හොඳින් දිස්‌වෙනවා. නමුත් කොටුවේ විස්‌තර දැනගන්න එහි යා යුතුමයි. පැරැණි කොටුබැම්ම දැන් එතරම් පැහැදිලිව දකින්න නැහැ. නමුත් මෙහි භූ පිහිටීම හේතුවෙන් අතීතයේ සිට හොඳ ආරක්‍ෂාවක් මෙම ස්‌ථානයට තියෙන්නට ඇත්තෙ මෙය මුහුදට නෙරාගිය තුඩුවක් ලෙස පිහිටා තිබෙන නිසා වෙන්න ඇති.
අද හම්බන්තොට මහලේකම් කාර්යාලය ඇතුලු රජයේ කාර්යාල රැසක් පිහිටා තියෙන්නෙ මේ පරිශ්‍රය තුළයි. අතීතයේදී, එනම්, සුදු පාලන සමයේදී හම්බන්තොට පාලනය කළ දිසාපතිවරුන් වූ ජෝන් ඩොයිලි වගේම ලෙනාඩ් වුල්ෆ් ගැනත් අපි හොඳින් අහල තියෙනවා. "බැද්දේගම" නවකතාව ලියාපු වුල්ෆ් වගේම ඩොයිලිත් තම පාලනය ගෙන ගියේ මේ කොටුව තුළ ඉඳන්. බැද්දේගම නවකතාවෙන් වුල්ෆ් වැන්නවුන් නඩු අහපු හැටි අපිට චිත්‍රයක් මවල පෙන්වනවා. ඒ වගේම සමාජ විරෝධීන් ලෙස හංවඩුගහපු අයත්, මරණීය දණ්‌ඩනයට නියම කළේ මේ කොටුව ඇතුලෙ තිබූ වධකාගාර තුළදී. එවන් එක් සාධකයක් තවමත් හම්බන්තොට කොටුවෙ ඉතිරි වෙලා තියෙනවා. එA එල්ලුම් ගහ.
ප්‍රදීපාගාරය / මාටෙලෝ කුළුණ
උසින් අඩිs 88 ක් වන හම්බන්තොට ප්‍රදීපාගාරය ගොඩනගා ඇත්තේ 1878 දී. මෙයත් පිහිටල තියෙන්නෙ ලන්දේසි කොටුව ඇතුලෙ. දිවයින වටා ඇති ප්‍රදීපාගාර අතරින් මේ ප්‍රදීපාගාරයේ විශේෂත්වයකුත් තියෙනවා. ඒ අලංකාර රටාවකට මෙය නිර්මාණය කරල තියෙන හින්ද. වර්ණ කිහිපයකින් මෙය පින්තාරු කරල තියෙනවා.
මාටෙලෝ කුළුණ
මේ ප්‍රදීපාගාරය අසල තවත් වැදගත් ගොඩනැඟිල්ලක් පිහිටල තියෙනවා. ඒ තමයි මාටෙලෝ කුළුණ. ප්‍රංශයේ උතුරු කෝෂිකාවේ ඇති මාටෙලෝ ස්‌ථම්භය පරිදිම ක්‍රි.ව. 1796 දී කැප්ටන් ගෝපර් නමැත්තා විසින් ඉදිකර ඇති මෙම දෙමහල් කුළුණ නාවික භටයන්ගේ මුරපළක් ලෙසත් මුදුන් මහළ කාලතුවක්‌කු අට්‌ටාලයක් ලෙසත් භාවිත කර තිබෙනවා. ඉංග්‍රීසීන් ශ්‍රී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ අල්ල ගත්තාට පස්‌සෙ අත්අඩංගුවට ගන්ත අවසන් ලන්දේසි සෙබළුන් සිරකරුවන් විදිහට රඳවාගෙන හිටිය කියන්නෙත් මේ කොටුව තුළලු. තට්‌ටු ගොඩනැඟිල්ලක් වන මෙය, රවුම් හැඩයට නිර්මාණය කරල තියෙනවා. ඒත් අද හරිහැටි සංරක්‍ෂණයක් සිදුනොවන හින්ද, එහි තට්‌ටුවලට නගින්න බැහැ. ගොඩනැඟිල්ල ශක්‌තිමත්ව තිබුණත් ලී තට්‌ටු සියල්ලම පාහේ දිරාපත් වෙලා කඩා වැටෙන්න ඔන්න මෙන්න තියෙන්නෙ.
ඡායාරූපය-රෝහිත ගුණවර්ධන
එල්ලුම්ගහ
ඉංග්‍රීසි පාලන සමයේදී මරණීය දණ්‌ඩනයට ලක්‌කළ පුද්ගලයන් එල්ලා මරා දමනු ලැබූ "එල්ලුම් ගහ" තවමත් මේ කොටුව ඇතුලෙ තියෙනවා. දකුණු මුහුද අයිනෙ පාලු, හුදකලා ස්‌ථානයක සවිකරල තියෙන මේ එල්ලුම් ගහේ කොටසක් කැඩිල ගිහිල්ල වුණත්, පාදමත් ඊට සවිකළ ඕක් අරටු කඳේ අඩි 30-35 ක කොටසකුත් තවම සංරක්‍ෂණය කරලා තියෙනවා. මේ එල්ලුම් ගහේදී එල්ලා මරා දමපු පුද්ගලයන්ට දඬුවම් දෙන අයුරු ලෙනාඩ් වුල්ෆ් තමන්ගේ නිල නිවසේ සිට එදා බලාගෙන හිටියලු.
මහලේවාය
හම්බන්තොට නගරය පහුකරල මීළඟට අපි ගියේ ලුණු ලේවායට. නැතිනම් මහලේවායට. දකුණේ තියෙන ලුණු ලේවායන් අතර රජයේ සම්බන්ධයක් සහිතව පාලනය කරන ලංකා ලුණු සංස්‌ථාවේ ලේවායන් තුනක් තියෙනවා. ඒ මහලේවාය, බුන්දල හා පළටුපාන ලේවායන්.
අතීතයේදී ස්‌වභාවිකව ලුණු මිදෙන කළපුවක් ලෙස තිබුණු මහ ලේවාය 1938 දී දෙපාර්තමේන්තුවක් බවට පත්කළා. එතෙක් මෙහි පාලනය තිබ්බෙ හම්බන්තොට උප දිසාපතිවරයාට. ලෙනාඩ් වුල්ෆ් දිසාපතිවරයාත් කලක් මේ ලේවාය තමන් යටතේ පාලනය කළා. කොහොම වුණත් උඩරට ගිවිසුම මගින් ලංකාවේ බලය බ්‍රිතාන්‍යයන් අතට ගත්තට මේ ලුණු ලේවායන්ගේ බලය හා පාලනයත් වැදගත් හේතු සාධකයක් වූ බවයි කියන්නෙ. ඒ ලුණු තීරණාත්මක සාධකයක් නිසා. නැතිනම් ලුණු නැතිsව කෑම කන්න බැරි නිසා.
කොහොම වුණත්, රටේ මුළු ලුණු අවශ්‍යතාව මෙටි්‍රක් ටොන් එක්‌ලක්‍ෂ තිස්‌දහසක්. ඉන් ටොන් හැටදාහක් හදන්නෙ මේ අපි ඉන්න මහලේවායේ. බූන්දලින් ටොන් 15,000 ක්, පලටු පානෙන් ටොන් 5000 ක් ලෙස දකුණෙන් ටොන් 80,000 ක් ලුණු නිපදවනවා. ඒ කියන්නෙ ජාතික නිෂ්පාදනයෙන් 60-65% ක් විතර.
කවට අන්දරේ
මහ ලේවාය පහුකරල තිස්‌සමහාරාමය පාරේ තවත් දකුණු දෙසට යනවිට අපිට හමුවන්නෙ උඩමලල ප්‍රදේශය. ඒ එක් හන්දියක "කවට අන්දරේ" නමින් ප්‍රකට වෙලා හිටිය රජවාසල කවටයාගේ පිළිරුවක් අපිට හමුවෙනවා. එතැන ඉඳින් තවත් මීටර් දෙතුන් සීයක් රට තුළට ගියහම තමයි අන්දරේගේ සොහොන හමුවන්නෙ. ඔහුට ගරු කිරීමක් වශයෙන් මෙතැන හරි අපූරුවට සොහොන් කොත නිර්මාණය කරල තියෙන බවත් අපි සිහිපත් කළ යුතුයි. ඒ කාර්යය කරල තියෙන්නෙ මර්වින් සිල්වා අමාත්‍යවරයා විසින්. ඇතැම් අය කියන්නෙ අන්දරේ දෙවුන්දර කිරළවැල්ලෙ ඉපදුණා කියල. තවත් අය කියන්නෙ අන්දරේ ඉපදුණේ මාතර දික්‌වැල්ලෙ කියල. කොහොම වුණත් ඔහු මහනුවර යුගයේ රජකම් කළ රාජාධිරාජසිංහ (1781-1798) රජතුමාගේ රාජ සභාවෙ කවටයා විදිහට සේවය කළ බවයි කියන්නෙ. ඒ අධිකාරම්වරයකු හැටියට. ඒ වගේම ඔහු හොඳ කවියෙක්. ඔහුගේ පළමු කවිය ලෙස සැලකෙන්නෙ ඔහුගේම අප්පච්චිට කියූ කවියක්‌ලුq. ඒ ඔහුට දුන්න දඬුවමක් ලිහිsල් කරගන්න.
වැස්‌ස තද නිසා සීතල වැඩි වෙච්චි
ඇඟපත වෙවුළාය සන්නිය ළං වෙච්චි
එලොව පොල් පෙනෙයි අද නම් වැරදිච්චි
හොඳ හැටි ගෙයි දොයිද මගෙ බුදු අප්පොච්චි
ඔහුගේ අවසන් කවිය බව සැලකෙන්නේ කොතරම් රාජ ගෞරව, සැප සම්පත් ලැබුණත් දිය පොදක් පිපාසෙට නැතිව හම්බන්තොට තිස්‌සමහාරාම පාරෙදී තම උපන් ගමට යන ගමන් ගහක් යටදී රෝගාතුරව මිය යැමට සිදුවුණු අවස්‌ථාවේදී කියෑවුණු කවියක්.
රිදී කළේ රන් කොතලේ බීපු මට
නිකම් කළේ පැන් නැතිවිය පිපාසෙට
කොට්‌ට මෙට්‌ට ඇඳ ඇතිරිලි තිබු මට
මැරෙන්නට වුණේ පළු වීර ගස් යට
සද්ද විද්ද පළඟ පතිර රාජපක්‍ෂ වික්‍රමසිංහ මුතුකුමාරණ අධිකාරම් ලෙස ප්‍රකටව සිටි අන්දරේගේ සොහොනට ගොස් මේ අසහාය විකටයා ගැනත් කතා කරන්න ඔන්න අපි අමතක කළේ නෑ.
බූන්දල ජාතික වනෝද්‍යානය
මීළඟ අපිට හමුවන්නෙ බූන්දල ජාතික උද්‍යානය. මහලේවායත් කළින් තිබුණෙ මේ උද්‍යාන සීමාවටම අයත් ලවන වගුරක් විදිහට. බූන්දල ශ්‍රී ලංකාවේ ප්‍රථම අන්තර්ජාතික රැම්සා තෙත් බිම වන අතර මිනිසා සහ ජෛවගෝල රක්‍ෂිතයක්‌ද වන මෙය ශ්‍රී ලංකාවේ 12 වැනි ජාතික උද්‍යානයයි. අක්‌කර 9245 ක් විශාල මෙම උද්‍යානය 2004 වසරේදී ප්‍රකාශයට පත් කෙරුණා. පර්යටනික කුරුල්ලන්ගේ පාරාදීසයක් වන මෙය රජ සියක්‌කාරයා දැනට ශ්‍රී ලංකාවේදී දැකගත හැකි හොඳම පරිසර පද්ධතිය ලෙස සලකනු ලබනවා. එමෙන්ම කැස්‌බෑවන් කැදලි තනන ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ජාතික උද්‍යානයත් බූන්දලයි. උද්‍යානය තුළ කළපු පහක් පිහිටා තිබෙනවා. ඒ, ඇඹිලිකල, බූන්දල, මළල, කෙහොලංකල හා මහලේවායයි. තවත් වගුරු, ලවණ හැල්, වගේම දර්ශණීය වැලි තලාවකින්ද උද්‍යානය සමන්විතයි. මෙහි ඉතා ඉහළ ජෛව විවිධත්වයක්‌ද වාර්තා වෙනවා.
අදහස් jagathkanahara@gmail.com
ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ
වාසල සේනාරත්න
ස්‌තුතිය - දේ. සු. ද සොයිසා - බන්දුල මානවඩු
http://www.divaina.com/2011/02/27/nimna03.html
0 comments:
Post a Comment