| ||||
skip to main |
skip to sidebar
Pages
රට වටා යන ගවේශණ චාරිකාව
Monday, August 15, 2011
14 : ඓතිහාසික ලෝක උරුමය ගාලු-තොට
අපේ ගමන් මග
මෙම ළිපි පෙල ඉරිදා දිවයින සංග්රහයෙහි සති පතා පල වන්නකි.එහි වටිනාකම සලකා එම ලිපි පිලිවෙලින් පෙල ගැස්වීම පමණක් මෙහිදී සිදු කර ඇත.රට වටා සංචාරය කරන්නන් හට සහ ප්‍රදේශ ගැන උනන්දු වන්නන්ට මෙය ප්‍රයෝජනවත් වේ යැයි සිතමි.මෙම ලිපි වල සියලුම අයිතිය එම පුවත්පතට මෙම ලිපි සැපයූ එහි කතෘවරුන්ට හිමිය.....
ලිපි ගබඩාව
-
▼
2011
(62)
-
▼
August
(47)
- 1: එන්න, රට වටා යන්න...
- 2 : හේවාගම් කෝරළයේ කඳුළ කැලණි ගං මෝදර
- 3 : නැවියන්ගේ ප්‍රේම සිහිනය කොළොම් තොට
- 4 : කොළොම් තොටට සෞන්දර්ය කැන්දන ගාලු මුවදොර
- 5 : ලැවීනියාගේ සොඳුරු පෙම් පුරවරය ගල්කිස්ස
- 6 : සයුර සිඹින අසිරිමත් වැව බොල්ගොඩ
- 7 : පිං බිමේ සිසිල විඳි කළු ගං මෝදර
- 8 : මහ සයුරේ අස්වනු ගෙනෙන බේරුවල
- 9 : සිත් සන්තොසින් නැවතී යන්න බෙන්තොට
- 10 : ලොව සුපතල රැම්සාව.මාදු ගඟ
- 11 : රුක් කලාවේ කෞතුකාගාරය අම්බලන්ගොඩ
- 12 : දෙවොල් දෙව් විමන.සීනිගම
- 13 : ගල් මල් හිනැහෙන හික්කඩුව
- 14 : ඓතිහාසික ලෝක උරුමය ගාලු-තොට
- 15 : රුහුණු ඔසු උයන රූමස්සල
- 16 : ගැමි සුවඳ මුසු වුණු කොග්ගල
- 17 : ධීවර ගීතයේ රිද්මය වැලිගම
- 18 : බලන් සකි සඳ අසිරි මාතර
- 19 : දකුණු ලක සයුර ඉම දෙවුන්දර තුඩුව
- 20 : කැස්බෑවන්ගේ අභය බිම රැකව
- 21 : වළවේ ගං මෝදර ගොඩවාය
- 22 : සිහ නද පැතිරූ කිරින්ද (මාගම)
- 23 : වන සතුන්ගේ රජදහනවන යාල (පළටුපාන)
- 24 : කුඩා රාවණා කොටුව සහ මහා රාවණා කොටුව
- 25 : සොබාදහමේ අපූරු නිමැවුම මිනිහා-ගල්කන්ද (යාල)
- 26 : එන්න - යන්න මහ මුහුදේ... තල්මසුන් බලන්න
- 27 : දකුණ සහ නැගෙනහිර යාකරන කුඹුක්කන්ඔය මෝදර (කුමන)
- 28 : සංචාරක රජදහන ආරුගම් බොක්ක
- 29 : අරුණලු සිඹින සංගමන්කන්ද තුඩුව
- 30 : නැගෙනහිර අරුණැල්ල ඔලුවිල් (ඕලුවිල)
- 31 : අලියා බෝට්ටුවේ නැගී ගාලු තොටින් දියඹට...
- 32 : සිංදු කියන මාළු වෙසෙන කල්ලඩි (මඩකලපුව)
- 33 : M-4 දුම්රිය එන්ජිමේ ගිය නැගෙනහිර චාරිකාව
- 34 : නැගෙනහිර සුන්දරිය පාසිකුඩා - කල්කුඩා
- 35 : හිරු නැගෙන පුරයේ කන්‍යාවිය සල්ලතිව්(වාකරේ)
- 36 : උත්තම මුනි දළදා වැඩම වූ ලංකා පටුන (ඉලංකතුරෙයි)
- 37 : විජයග්‍රහණයේ පෙර මඟ සලකුණ ෆවුල් පොයින්ට් (සා...
- 38 : සුන්දරත්වයේ අග රැජින මාබල් බීච් (ත්‍රිකුණාමලය)
- 39 : ගලේ කොටුව බැඳි තිරිකුණාමලේ ගෝකණ්ණ තොට
- 40 : නාවික යාත්‍රාවක ගිය කොට්ටියාර් බොක්කේ සංචාරය
- 41 : දූපත් වනෝද්‍යානය පරෙවි දූපත (නිලාවැලි)
- 42 : බෙල් 212 හෙලිකොප්ටරයක සිට ත්‍රිකුණාමලයේ අසිරි...
- 42 : කේශධාතූන් වැඩ වසන ගිරිහඬුසෑය (තිරියාය)
- 43 : තපස්සු භල්ලුක වෙළඳ වරාය අසිරිමලේ ( හාල්කන්ද )
- 44 : උතුරු දිග වෙරළේ හෙළ ලකුණ කෝකිලායි
- 45 : විජයග්‍රහණයේ පෙර මග සලකුණ - නන්දිකඩාල් මුලතිව්
- 46 : සියොත් කැල රැව් දෙන චුණ්ඩිකුලම්
-
▼
August
(47)
වැඩිපුර කියවූ ලිපි
-
වාලච්ෙච්නට උතුරින් පිහිටි කජුවත්ත ප්‍රදේශයේ සිට ත්‍රිකුණාමලයට දකුණින් පිහිටි සාම්පූර් ...
-
උපුටා ගැනීම ඉරිදා දිවයින 2012-04-01 අකුරු කුඩාවට පෙනේ නම් මෙතනින් කියවන්න
-
කහඳමෝදර රැකවෙන් පස්‌සෙ, ඔරුවැල්ල මුහුදු තීරය පහුකරගෙන මීළඟට අපි ගියේ කහඳමෝදරට. තංගල්ලෙන් ඇරඹ...
-
කොළඹ කොටුවේ සිට මහවට දිනය උදාවුණා. අපි ලහිලහියේ කොළඹ කොටුවෙ දුම්...
ආ ගිය ගනන
Followers
Powered by Blogger.
Get this widget

ඔබ "ජාඩි" කර්මාන්තය ගැන අහල ඇති. ඒත් දැන් මේ සාම්ප්‍රදායික කර්මාන්තය අපේ රටෙන් ගිලිහී යන්නට පටන්ගෙන වගේ කියල අපට හිතෙනවා. මොකද පහුගිය දිනෙක අපි දොඩන්දූවට යන කොට ජාඩිවලට ප්‍රසිද්ධ දොඩම්දූවේ එකම ගෙදරකවත් "ජාඩි" ටිකක් බලන්නටවත් තිබුණෙ නැති නිසා. ඒකට හේතුව මේ දවස්‌වල වැඩිපුර මාළු අස්‌වැන්නක් නොලැබෙන බවයි ජාඩි කර්මාන්තකරුවො කිව්වෙ.
ගිං තොට ගාල්ලට කළින් හමුවන ප්‍රකට ගම්මානයක්. ඒ ගිං ගඟේ මෝය නොහොත් තොට එතැන පිහිටලා තියෙන නිසා. සිංහරාජ වනාන්තරයෙන් (දෙණියාය) පටන් ගන්නා ගිංගඟ, උඩුගම, කන්නෙලිය, තවලම, හිනිදුම ප්‍රදේශයෙන් තවදුරටත් පෝෂණය ලබා ලොකු ගංගාවක් වෙලා මුහුදට එකතුවන්නෙ ගිං තොටින්. ගාලු තොට කියල කියන්නෙත් මේ ගිං ගඟ හින්දම තමයි. ලංකාවේ දිගින් 14 වැනි ස්‌ථානය ගන්නා ගිංගඟේ දිග කිලෝමීටර් 113 ක්. විටෙක නිසලවද, විටෙක සැඩ පරුෂවද ගලායන ගිං ගඟ, ප්‍රදේශවාසීන්ට මහඟු සම්පතක්. ඒ වගේම ජෛව විවිධත්වයෙන් අනූන පරිසර පද්ධතියක්. ගිං ගඟ මෝය කටේ වගේම ගඟ දිගේත් කඩොලාන ශාක බහුලයි. ඒ අතර ගිංපොල් ශාකයන් දකින්න ලැබෙනවා. මේ ගිං පොල් නිසා ගිං ගඟ කියල නම හැදුන බවත් කියනවා. කොහොම වුනත් රට වටා වෙරළ තීරයේ ඇවිද යන අපට ගිං තොට නොහොත් ගිං ගඟ මෝයත් වැදගත් සන්ධිස්‌ථානයක් වුණා.
දොඩන්දූව, රත්ගම, බූස්‌ස, ගිංතොට පහුකරල මීළඟට අපි එන්නෙ ගාල්ලට. කොළඹින් පස්‌සෙ අපට හමුවුණු දෙවැනි දිස්‌ත්‍රික් නගරය තමයි ගාල්ල. ගාල්ල ලංකාවේ පැරණිතම වෙළෙඳ නගරයක් බව අපි අමතක කරන්න නරකයි. ස්‌වාභාවික ගාලු වරාය අනාදිමත් කාලයක ඉඳන් ග්‍රීක, අරාබි, ඊජිප්තු, චීන වෙළෙන්දොa ප්‍රයෝජනයට අරන් තියෙනවා. එකල කොළොංතොට අනෙක් වරාය අද්දර තිබුණු අරාබි වෙළෙඳුන්ගේ බලය බිඳ දමා කොළොම්තොට යටත් කරගත් පරංගි හමුදාව ඉස්‌සර වෙලාම ගොඩ බැස්‌සෙත් ගාලු වරායට. පෘතුගීසීන්, ලන්දේසීන් ගාලු වරායට බෙහෙවින් ඇලුම් කළා. ඒ විතරක් නෙමේ බලකොටුවක් ලෙසත් ගාල්ල ඔවුන්ට ප්‍රයෝජන වුණා. ගාල්ල වෙළෙඳ නගරයක් වුණෙත්, යුද කාමීන්ගේ බලකොටුවක් බවට පත්වුණෙත් ගාලු වරාය නොහොත් ගාලු තොට හින්දා. ලන්දේසි බලය පලවා හැරි ඉංග්‍රීසින්ද ගාල්ල වරාය වෙළෙඳ වරායක් ලෙස ප්‍රයෝජනයට ගත්තා. කුරුඳු, ගම්මිරිස් වගේ කුළුබඩු වගේම, මැණික්, ඇත්දළ, දැව, අලි ඇතුන්ද, ඉංග්‍රීසීන් වගාකළ තේ කෝපි වගේ වෙළෙඳ ද්‍රව්‍යද බහුලව රටින් පිටට ගෙන ගියේ ගාල්ල වරායෙන්. අන්තිමේදී (1865-1872) ඉංග්‍රීසින් විසින් ලංකාවේ කුමන වරායද සංවර්ධනය කළ යුත්තේ කියන තීරණයේදී කොළඹ වරාය තෝරාගත් නිසා, කොළඹ අපේ අගනගරය පමණක් නොව ජාත්‍යන්තර මට්‌ටමේ වරායක් බවටද පත්වුණා. ඒ තීරණය වෙනස් වී ගාල්ල එදා තෝරාගත්තා නම්, අද අපේ වෙළෙඳ නගරය වන්නේත්, පරිපාලන නගරය වන්නේත් සමහර විට ගාල්ල වෙන්න පුළුවන්.
කොහොම වුනත්, අදටත් මේ පැරණි වරාය තිබූ විදිහටමයි තියෙන්නේ. එහි ලොකු සංවර්ධනයක් සිදුවී නැහැ. එදා රුවල් නැව්, රුවල් බෝට්‌ටු ආපු මේ වරායට තවමත් සංචාරක රුවල් යාත්‍රා එන්න හරිම කැමැත්තක් තියෙනවා. ඉතින් පාරිසරික සංචාරක කර්මාන්තයේදී ගාලු වරාය ඒ විදිහට හදන එක කොච්චර හොඳද කියලත් ගාලු වරායෙ කළ සංචාරයේදී අපිට හිතුනා.මේ නත්තල් සමයේ ගාලු කොටුවේ ඕලන්ද රෙපරමාදු පල්ලියට විතරක් නෙමේ, ගාල්ල නගරය ආරම්භ වනවිට තිබෙන කළුවැල්ලේ ශුද්ධවූ ජපමාල රාඡේස්‌වරියගේ ආසන දෙව් මැඳුරට යන්නත් අප අමතක කළේ නෑ. පෘතුගීසීන්, ලන්දේසීන් වගේම ඉංග්‍රීසීන්ද දේවස්‌ථාන ඇතිකළා. ගාල්ල නගරයේ තියෙන කතෝලික දෙව් මැඳුරත් නිර්මාණය කළේ ඉංග්‍රීසි සමයේදී. ඒ 1874 දී. ගාලු නගරයේ උස් තැනක පිහිටි මෙය අලංකාරව පහළට දිස්‌වෙනවා. අපි යනවිට නත්තල හෙටයි කියා දේවස්‌ථානය උත්සව ශ්‍රීයෙන් බැබළුණා.
ගාල්ල ගැන කතාකරන කොට ගාලු කොටුව ගැනත් කතා කරන්න ඕන. ඉස්‌සර වෙලාම මෙහි බලකොටුවක් හැදුවේ පරංගි නොහොත් පෘතුගීසීන්. ඒක අදටත් අපිට දකින්නට ලැබෙනවා. ඒක තමයි කළු කොටුව කියන්නෙ. වත්මන් පොලිස් අධිකාරි කාර්යාලය තියෙන්නෙ ඒ පරංගි කොටුවේ. අපිට මහා විශාලෙට දකින්නට ලැබෙන පවුරක් සහිත ගාලු කොටුව හැදුවේ ඕලන්ද ජාතිකයින්, නැතිනම් ලන්දේසීන්. ඔවුන්ගේ ගෘහ නිර්මාණ ශිල්පයත්, විසල් නිර්මාණ කිරීමේ හැකියාවත් අපට මේ කොටුව මගින් තීරණය කරන්නත් පුළුවන්. කොළඹ කොටුව, මාතර කොටුව, ත්‍රිකුණාමලය කොටුව, යාපනය කොටුව යනාදියත් මේ ආකාරයෙන්ම ඔවුන් නිර්මාණය කරල තියෙන්නෙ මුහුදට යාබදව. ඒ සතුරු බලවේගවලින් ආරක්‍ෂාවට. මේ කොටුව තුළ ඔවුන් විශාල ගම්මානයක් නැතහොත් නගරයක සියලු අංගෝපාගයන්ද ඉදිකර තියෙනවා.
ගාල්ල කොටුව තුළ තියෙන සිය ගණනක් ඕලන්ද ගොඩනැඟිලි අතර විශේෂත්වයක් ගන්නා ගොඩනැඟිල්ලක් තමයි පැරණි ඕලන්ද රෙපරමාදු පල්ලිය. 1752 දී කැස්‌පරස් ඩී. ජෝන් අණදෙන නිලධාරියා විසින් මෙය නිමාකර තිබෙනවා. 1682 දී මුල්ගල් තබා අරඹා ඇති මෙය පුද පූජා සඳහා විවෘතව ඇත්තේ 1755 දී.

0 comments:
Post a Comment